ප්‍රජා වෙනුවෙන් ඔබ සාදරයෙන් පිළිගනිමු

ලංකාවේ සිංහල බ්ලොග් වේදිකාව තුළ අපේ ජීවිත වල නිර්ව්‍යාජ මුද්‍රාව තැබීමට අපි සුදානම් වෙමු. සයිබර් අවකාශයේ අපේම අපේ අඩවියට අපේම එකෙක් වන නුඹ ඉතා ආදරයෙන් යුතුව පිළිගනිමු.

සමහර ක්ෂෙත්‍රයන් සම්බන්ධයෙන් පොදුවේ අපේ සමාජයේ පවතින්නේ කථා කිරීමටවත් අප්‍රසාදයකි. අපුලකි. එයට හොඳම උදාහරණය වන්නේ දේශපාලන ක්ෂෙත්‍රයයි. ලංකාවේ බල දේශපාලනයේ භාවිතයේ ඇතිවී තිඛෙන අවිචාරවත් දූෂිත කි්‍රයාකාරිත්වය විසින් එම සමාජීය පිළිකුල ඇතිවී තිබේ. එවැනි අප්‍රසාදයක් සහ පිළිකුලක් ඇතිවීම කිසිසේත්ම අසාධාරණ නැත. මන්ද එම පද්ධතිය එතරම්ම කුණුවී ජරාජීර්ණ තත්වයට පත්වී තිබේ.

එම හේතුව නිසා අපිට දේශපාලනයෙන් විනිර්මුක්තව සිටිය හැකිද? කිසිසේත්ම නැත. අනිවාර්යෙන්ම ගලවා ඉවත් කල නොහැකි බැම්මකින් අපේ ජීවිත දේශපාලනය සමඟ බැදී පවතී. අනෙක් අතට ක්‍රමය ජරාජීර්ණ වීම සම්බන්ධ වගකීම පවතින්නේ දේශපාලන තන්ත්‍රයට පමණද? නැත. මේ සියලූම අවලස්සන සමාජ භාවිතාවන්ට අපිද චූදිතයෝ නොවෙමුද?

දේශපාලනය පමණක් නොව කලාව, සාහිත්‍ය, ලිංගිකත්වය, මාධ්‍ය යනා දී වූ අපේ ජීවිත සමඟ බද්ධවී තිඛෙන සියලූ සංස්කෘතික ක්‍රියාකාරිත්වයන් පිළිබඳව මෙලෙස වෙනස් ඇසකින් දකින්නට සංවාද කරන්නට අපි ඔබට —ප්‍රජා˜ වේදිකාවට ආදරයෙන් ඇරයුම් කර සිටිමු. ඔබේ අදහස දැරීමටත් එA අදහස වෙනුවෙන් පෙනී සිටීමටත් ඔබට තිඛෙන අයිතියට අපි ගරුකරමු. එමෙන්ම ඔබේ අදහස සංවාද කිරීමට ප්‍රජා වේදිකාව විවෘතව තබමු.

සියලූම අන්තවාදයන් ප්‍රතික්ෂේප කරන අපි එක ජාතියක් එක කුලයක් එක ආගමක් හෝ එක පංතියක් නියෝජනය නොකරමු. ඕනෑම දේශපාලන සමාජ, සංස්කාතික අනන්‍යතායවක් දරමින් නමුත් අනෙකාට ගරුකරන ප්‍රතිපක්ෂ අදහස් සමඟ ගෞරවාන්විත සංවාදයක යෙදීමේ හික්මීම ඇති ඔබ සැමට ප්‍රජා වේදිකාව විවෘත බව අපි ඔබට සාදරයෙන් යුතුව දැනුම් දෙමු. දහසක් අදහස් පොදි බැඳගෙන මේ වේදිකාවේ දොඩමළු වන්නට ඔබ එනතුරු අපි දෑස් දල්ව බලා සිටින බව පමණක් මෙලෙස සටහන් කර තබමු.

ප්‍රජා සංස්කාරක මණ්ඩලය විසින් සතිපතා දේශපාලන ලිපියක් පලකිරීමට මුලින් අපි අදහස් කර සිටිමු. එහි ඇති අදහස් සමග පක්ෂ විපක්ෂ අදහස් ඉදිරිපත් කරමින් සංවාද කිරීමට එක්වන මෙන් ඔබට අපි ඇරයුම් කර සිටිමු. ඔබ අප වෙත ඊමේල් මගින් ඉදිරිපත් කරන ලිපි පලකිරීමටද ඉදිරියේදී අපි සූදානමින් සිටින බව දැනුම් දෙමු.

සාහිත්‍ය, කලාව, දේශපාලනය, ආදරය, ලිංගිකත්වය යනා දී වූ අපේම ජීවිත වල මාතෘකාවන් ගැන අපි වෙනුවෙන්ම තැනූ සයිබර් අවකාශයේ අපේ වේදිකාව වන්නට ප්‍රජා සූදානම් බව ඔබට කියන්නේ ඉමහත් ලෙන්ගතුකමින් සහ ආදරයෙනි.

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *