මිථ්‍යාවේ අඳුරු අගාධයෙන් ගැලවීමක් නැද්ද?

ලංකාව මිථ්‍යාව නඩත්තු කරන පෝෂණය කරන සහ ස්වකීය පැවැත්මේ තීරණාත්මක සාධකයක් වශයෙන් මිථ්‍යාවට ප්‍රමඛු වැදගත් කමක් හිමිකරදී තිඛෙන ඉතා පසුගාමී සහ නොදියුණු සමාජයක් බව පිළිගත යුතු සත්‍යයකි. ආගමික විශ්වාස සහ මිථ්‍යාව අතර පැහැදිලි සම්බන්ධයක් පැවතියද අපි මේ සාකච්ඡාවේදී ආගමික විශ්වාස සම්බන්ධ කාරණය හැකි තරම් නොසලකා හැරීමට උත්සහ කරම.ු ඕනෑම සමාජයක ආගම යනු විවිධ කෝණයන්ගෙන් සමාජය සමඟ බැදී පවතින ආයතනික ව්‍යුහයකි. ලංකාව වැන ිතුන්වන ලොක් යේ රටවල පමණක් නොව යුරෝපයේ පවා ආගම, ආගමික ආයතන සංකේත සහ පූජකයින්ට තවම සුවිශාල බලයක් හිමිවී පවති. ආගමකින් අත්මිදුනු සමාජයක් පිළිබඳ කථීකාව තව ශත වර්ෂ කිහිපයක් ඉදිරියෙන් පවතිනන් කි. අප කැමති වුවත් අකමැති වුවත් යතාර්ථය එයයි.
නමුත් ලංකාව ආගමික අන්තවාදයකට සහ දැවැනත් මිථ්‍යා අදහස් සහ ක්‍රියාකාරකම් වලට පසුගිය දශකයක කාලය තුළ ඉතා වේගයෙන් ඇදීගිය බව හඳුනාගත හැක. ආගමික අන්තවාදය පිලිබඳ කාරණය ආගමික කාරණයකට වඩා දේශපාලන ප්‍රශ්නයකි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මෙන්ම අන්තවාදී ආගමික කල්ලි කණ්ඩායම් වල ක්‍රීයාකාරිත්වය ලංකාවේ ආගමික අන්තවාදයේ නිරූපිත ප්‍රකාශයන්ය. ලංකාවේ මෑතක හිස ඔසවමින් තිඛෙන ආගමික අනත් වාදය එක ආගමකට සීමා වූවක් නොවන බව පැහැදිලිව හඳුනාගත හැක. ආගමික අන්තවාදය පිළිබඳ මාතෘකාවද සංකීර්ණ සහ පුළුල් එකකි. අනත් වාදයන් සමග බොහෝ මිථ්‍යාවන්ද අත්වැල් බැඳගෙන තිබුණත් එම මාතෘකාවද වෙනමම සාකාච්ඡා කළයුතු එකක් බව සිතමි.

ලංකාවේ එදිනෙදා ජීවිතයේ ඇස ගැටෙන මානයේ හැම තැනම නොදියුණු සහ
ගොත් ි්‍රක මිථ්‍යාවනට් වැදුම් පිදුම් කිරීම සහ එම මිථ්‍යා විශ්වාසයන් රාජ්‍ය යාන්ත්‍රණය සහ මාධ්‍ය විසින් ප්‍රවර්ධනය කිරීමේ ඛේදවාචකය පිලිබඳව අපි මේ ලිපියෙන ් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙම.ු ඇමතිවරු අගමැති, ජනාධිපතිවරු සහ ඉහළ නළි ධාරින් ස්වකීය ධූරයේ රාජකාරී භාරගැනෙි ම්දී නැකැත් බලා රාජකාරී ඇරඹිමේ සිට ජාතික මැතිවරණ ජාතික විභාග සහ ජාතික උත්සව පැවැත්වීම සඳහා නැකැත් බැලීම දක්වා මේ අර්බුදය උග්‍ර වී තිබේ. පසුගිය කාලයේ වැසි පිරිත් සජ්ජායනය කිරීමේ උත්සව සංවිධානය කරන ලෙසට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට චක්‍රලේඛ නිකුත් කිරීම සම්බන්ධ ප්‍රවෘත්ති පවා අපිට අසන්නට ලැබුණි. සැබැවින්ම මේ තත්තවය ජාතිකයක් වශයෙන් අපි වැටී තිඛෙන අගාධයේ තරම කියාපාන ඉතාම හොඳ නිදර්ශනයකි.

ලංකාවේ සියලූම රාජ්‍ය සහ පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය නාලිකාවන ් දිනපතාම රාහුකාලය, මරු සිටින දිසාව, ලග්න පලාපල විකාශය කරන ු ලබයි. එයින් නොනැවතී ෆෙන්ෂුයි රහස්, මැණික් රහස්, විවිධ ශාන්ති කර්ම සම්බන්ධ වැඩ සටහන ් වලටත් සුවිශේෂි වැදගත් කමක් හිමිකර දී තිබේ. එම වැඩසටහන් ඉදිරිපත් කරන ජාවාරම්කරුවන් හැඳිනවී් මට විශ්ව ශක්ති, මහායෝගී, ඉසිවර වැන ි වූ විශේෂණයන් භාවිතා කිරීමට මේ මාධ්‍ය කිසිසේත්ම පැකිලෙන්නේ නැත. මිථ්‍යාව විකුණන මේ ජාවාරම්කරුවන් සමඟ එකට අත්වැල් බැදගෙන තම රේටින් නංවා ගැනීමට එකිනෙක මාධ්‍ය අතර තියුණු තරගයක යෙදීමට තරම් මේ ඊනියා මාධ්‍ය සහ මාධ්‍යවේදීන් නර්ි ලජ්ජිත වී තිබේ. ජාවාරම්කාරයින් සහ මානසික රෝගීන ්විශේෂඥයින ් සහ වීරයින ් කර තම රේටින් ඉහළ නංවා ගැනෙි ම් පිළිකුල් සහගත මාධ්‍ය තරගයට එරෙහිව දුබල කෙදිරීමක් යනත් මට ඇසුනත් මේ මාෆියාවට කිසිදු බලපෑමක් කිරීමට ඊට හැකිවී නොමැත.

මේ මිථ්‍යාවට විරුද්ධව මතවාදීව සමාජය සන්නද්ධ කිරීම දිගුකාලීන ව්‍යාපෘතියකි. සමාජයක් වශයෙන් ඒ පිළිබඳව අපි වහා කටයුතු කළ යුතුව පැවතියත් මිථ්‍යාව විකුණාගෙන කන මාධ්‍ය මාෆියාවට විරුද්ධව ඊට වඩා ඉක්මනින ් කටයුතු කලයුතු බව සිතමි. ඒ විරෝධය වඩාත් නිර්මාණශීලීව සිදුකල හැකිනම් වඩා වැඩි සහ ඉක්මනින් ප්‍රතිඵල ලබා ගැනමී ට හැකිවන ු ඇත.

උදාහරණයක් වශයෙන් රූපවාහීනි නාලිකා වල දෛනිකව විකාශය කරන ලග්න පලාඵල වැඩසටහනට විරුද්ධව අදාල රූපවාහින ී නාලිකාවල, ෆේස්බුක්, ටුවිටර් වැනි සමාජ මාධ්‍ය ගිණුම් වල කොමන්ට් පළකල හැකිය. සමාජ මාධ්‍ය කණ්ඩායම් සකස් කරගෙන සැලසුම් සහගතව සහ නර්ි මාණශීලීව එම විරෝධය දක්වන කොමනට්් පලකල හැකිය.

එමෙන්ම මිථ්‍යා වැඩසටහන් විකාශය කරන ගුවන ් කාලය සාහිත්‍ය රසස්වාද වැඩසටහනක් විකාශය කිරීමට ලබා දෙන ලෙස බලකල හැක. උදාහරණයක් වශයෙන් ලංකාවේ සාහිත්‍ය කේෂAත්‍රයේ මෑත කාලයේ වඩා උද්යෝගයක් ඇතිවී තිඛෙන කවිය වැනි සාහිත්‍යාංගයක් ප්‍රවර්ධනයට සහ රසාස්වාදයට මේ ගුවන් කාලය ලබාදෙන ලෙස අදාල මාධ්‍ය වලට බලපෑම් කිරීමට කටයුතු කල හැක.

මිථ්‍යාව විකුණාගෙන කන ජඩ මාධ්‍ය මාෆියාවට විරුද්ධව සබුද්ධික පුරවැසි කි්‍රයාකාරීත්වයක් ඇරඹීමට සමාජයක් වශයෙන් අපි අපොහොසත් වෙතොත් මුළු සමාජයම මේ මිථ්‍යාවේ අඳුරු අගාධයේ ගිල්ලවීමට මේ ජඩ මාධ්‍ය කිස්සේත්ම නොපැකිලෙන බව පමණක් අවසානයේ සටහන් කර තබමි.

                            සුදේශ් ප්‍රසන්න ජයවර්ධන 
Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *