මිනිස් ශිෂ්ටාචාරයම මහත් වූ තැතිගැන්මකින් මරණ භයෙන් ත්‍රාස්ත වූ නිමේෂයක අපි හිදිමු. සැබැවින්ම එක්තරා ආකරයකට මෙය ඉතා පුදුම සහගත නිමේෂයකි. විද්‍යාවේ දියුණුවේ හිනිපෙත්තේ සිටිනවාය සිතූ මිනිස් ශිෂ්ටාචාරය ස්වකීය පැවැත්ම මෙතරම් තර්ජනයකට ලක්වන සිදුවීමකට මුහුණ දීමට සිදුවේ යැයි මොහොතකට වත් සිතුවේ නැත.
බොහෝ අවස්ථාවල අපි හුදෙකලාව තනි තනිව අත්විදින අසරණකම සහ භය විශේෂයෙන් අනාරක්ෂිතභාවය සහ මරණ භය පොදුවේ මුළු මිනිස් ශිෂ්ටාචාරයක් වශයෙන් සාමුහිකව අත්විදින සහ මුහුණ දෙන මේ නිමේෂයේ එක්තරා ත්‍රාසජනක සෞනදර්‍යයක් ඇතැයි සිතේ.
මෙතෙක් කල් කොලරා වසංගත යුගය, මැලේරියා වසංගත යුගය වැනි මිනිස් වර්ගයා පොදුවේ මුහුණ දුන් මරණ භය දැවටුණ සිදුවීම් ඉතිහාස කතා ලෙසත් මුළු මිනිස් ශිෂ්ටාචාරය මරණ භයෙන් තැතිගන්නා සිදුවීම් විද්‍යා ප්‍රබන්ධ කථා ලෙස චිත්‍රපටි වශයෙනුත් අසා නරඹා තිබුණ අපි එම ක්ෂීතීමය සිහින නිමේෂයට හදිසියේම සැබෑ ලෝකයේ ඇත්ත ජීවිතයේ මුහුණ දීමට සිදුවීමේ සෞන්දර්යක් නැද්ද?
මට දැනෙන්නේ මේ මිනිස් ශිෂ්ටාචාරයේ ත්‍රාසජනක සෞන්දර්‍යයේ නිමේෂයක් ලෙසයි. එක්තරා ආකාරයකට අපිට ලේසියෙන් අත්දැකීමට නොලැබෙන මරණයේ සෞදර්‍යක් ලෙසයි. නිසැක වශයෙන්ම තව කෙටිකාලයකින් මිනිසා මේ අභියෝගය ජයගනු ඇත. නවීන වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් ඉදිරියේ කොරෝනා වෛරසය පරාජය භාරගෙන පසු බැස යනු ඇත. නමුත් මිනිස් වර්ගයාට මරණයේ සෞන්දර්‍යාත්මක මොහොත අභිමුඛ කල මේ දින කිහිපය ගැන මිනිසුන් සුන්දර සාහිත්‍යයක් ඉදිරියේ ගොඩ නැගිය යුතු නැද්ද? මරණයේ සෞන්දර්‍යයේ සාහිත්‍ය රස විදීමට අපි අනාගතය දෙස දෑස් දල්වා බලා හිදිමු.
සුදේශ් ප්‍රසන්න ජයවර්ධන