නැගී එන තරුණ ව්‍යවසායකත්ව භූමිකාව

රටක් වශයෙන් අපි මුහුණ දෙන ප්‍රධානතම අර්බුදය වන්නේ ආර්ථික අර්බුදය යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. අපේ රටේ මාධ්‍ය සංස්කෘතිය විසින් දේශපාලන සහ ඒ ආශ්‍රිත මාතෘකාවන් ප්‍රධාන මාතෘකා කර ගෙන කථා කරත් ඉදිරියෙදී අපි සමාජයක් වශයෙන් විශාල අර්බුදයන්ට මුහුණ දීමට නියමිත මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තවම අපේ සමාජයේ නිසි අවබෝධයක් සහ අවධානයක් නැතැයි කිව හොත් එය නිවැරදිය. රටක් වශයෙන් ලෝක ආර්ථිකයට කිසිදු නිෂ්පාදනීය එකතු කිරීමක් නොකරන අපි ඇල්පෙනිත්තේ සිට ගුවන්යානය දක්වාත් හාල් පරිප්පු ආදී පාරිභෝජන භාණ්ඩ දක්වාත් විදේශයන්ගෙන් ගෙන්වමින් සම්පූර්ණ යැපුම් ආර්ථිකයක සහ මානසිකත්වයක දිවි ගෙවමු. එවැනි රටක දැවැන්ත විදේශ විනිමය අර්බුදයක් ඇති වෙන බව කීමට ආර්ථික විද්‍යාව පිළිබඳ ඉහල දැනුමක් අවශ්‍ය නැත.   

විදේශගත ශ්‍රමිකයන් සහ ඇඟලුම් කර්මාන්තය ආශ්‍රිතව උපයා දෙන සොච්චම් විදේශ විනිමය ප්‍රමාණය අපේ රටේ ආර්ථික අවශ්‍යතාවයන්ට සාපේක්ෂව කිසිසේත්ම ප්‍රමාණවත් නැත .එමෙන්ම ගෙවුන දශක දෙකක පමණ වන ඉතිහාසයේ ලෝකයේ ආර්ථිකය සම්බන්ධ සංකල්පයන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වී තිබේ. ෆොරෙක්ස්ට්‍රේඩින්, කොටස් වෙළඳපොල ආයෝජනය වැනි වූ සංකල්පයන් එකල පැවතියේ විශාල සමාගම් සහ ධනපතීන් සඳහා ආයෝජනය කල හැකි සුපිරි ආයෝජන අවස්ථා වශයෙනි. නමුත් දැන් ගමේ කෝපි කඩේ බංඩාට, සිරිපාලට පවා ඩොලර් ට්‍රිලියන ගණන් විශාල මේ දැවැන්ත මූල්‍ය වෙළඳ පොළ වෙත කිසිදු අවහිරයකින් තොරව පැමිණ ආයෝජනය කර ලාභ ඉපයීමේ හැකියාව ලැබී තිබේ. එලෙස ලාභ ඉපයීමෙන් ප්‍රතිලාභ ලබන්නේ එම පුද්ගලයා පමණක් නොව සමස්ත රටයි. එනම් මේ ආයෝජනයන්ගෙන් ලැබෙන ලාභ වලින් ඍජුවම රටට ලැබෙන්නේ විදේශ විනිමයයි. ඉදින් දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට ලක් වී තිබෙන සහ ඉතා විශාල වශයෙන් විරැකියාවෙන් පෙලෙන උගත් තරුණ ශ්‍රම බලකායක් තිබෙන අපි වැනි රටක මේ නව්‍ය ආයෝජන ක්ෂේත්‍රය උදෙසා උත්පේරකයක් සහ මඟ පෙන්වීමක් ලබා දීම රජයක කාර්යභාරයකි.  

ලෝකයේ අන්තර්ජාලය ආශ්‍රිත මේ ඩිජිටල් වෙළඳ පොල ප්‍රසාරණය වෙමින් තිබෙන්නේ අපිට හිතා ගැනීමට වත් නොහැකි අරුම පුදුම ආකාරයකට යැයි කිවහොත් එය කිසිසේත්ම අතිශෝක්තියක් නොවේ. වර්තමාන ලෝකයේ ආර්ථික බලය හිමිකරගෙන තිබෙන්නේ දැවැන්ත කම්හල්, ගොඩනැගිලි, ඉඩම්, වාහන හිමි ව්‍යාපාරිකයන් නොවේ. ඒ කිසිවෙක් නොමැති සයිබර් අවකාශයේ තම ආර්ථික මුද්‍රාව සටහන් කරනු ලැබූ වෙබ් අඩවි හිමිකරුවන්ය. ෆේස්බුක්, ඇමසන්, ගූගල් වැනි සමාගම් ලෝකයේ ආර්ථික වශයෙන් ප්‍රමුඛ සහ ප්‍රබලම සමාගම් බවට පත්වී තිබෙන්නේත් එම වෙබ් අඩවි වල හිමිකරුවන් ලෝකයේ දැවැන්ත ධනවතුන් වී තිබෙන්නේ ඒ නිසාය. එකම එක වෙලඳ සැලක් හෝ ගබඩාවක් වත් නොමැති අලි බබා ලෝකයේ විශාලතම සිල්ලර වෙළෙන්දා බවට පත් වී තිබෙන්නේ මේ දැවැන්ත සහ විප්ලවීය ආර්ථික විපර්යාසය නිසාය. මේ ගැන වැඩිදුරටත් කතා නොකල යුතු යැයි සිතන්නේ සමාජ අවබෝධයක් තිබෙන ඕනෑම අයෙක් පසුගිය දශක දෙකක පමණ කාලයේ සිදු වූ මේ දැවැන්ත විප්ලවය සම්බන්ධයෙන් ඉතා හොඳින් දන්නා නිසාය.

ලංකාවේ මේ ක්ෂේත්‍රය විෂයෙහි පවතින්නේ ඉතා පසුගාමි තත්ත්වයක්ය යන්න අපිට පෙනෙන්නට තිබෙන යථාර්ථයයි. දැන් අපි සමාජයක් වශයෙන් විශාල වශයෙන් අන්තර්ජාලය භාවිතා කරත් එහි පවතින මේ ආර්ථික බලය සහ හැකියාව අපි තේරුම් ගෙන තිබේ ද යන්න ප්‍රශ්නකාරීය. එමෙන්ම මේ ක්ෂේත්‍රයේ එනම් ආයෝජන ක්ෂේත්‍රයේ ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු විසින් සිදු කරනු ලැබූ වංචාවන් නිසා අපේ රටේ ජනතාවට නැවුම් ආයෝජන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් පවතින්නේ අවිශ්වාසයක් සහ බියකි.

කෙසේ වෙතත් මේ පැවති ගණ අන්ධකාරය තුළ යම් බලාපොරොත්තුව සහගත සහන් ආලෝකයන් දැල්වෙමින් තිබෙන බව දක්නට ඇත. එයට හොඳම උදාහරණයක් වශයෙන් සහන් අකලංක හඳුන්වාදිය හැකි බව අපේ විශ්වාසයයි. ෆොරෙක්ස්ට්‍රේඩින් ආශ්‍රිත සාර්ථකත්වයට පත් වී තිබෙන සහන් අකලංක මහතා පොලොන්නරුව ප්‍රදේශයෙන් බිහි වූ සාර්ථක, දක්ෂ සහ නිර්මාණශීලී තරුණ ව්‍යවසායකයෙකුය යන්න අපේ විශ්වාසයයි.  අද අපි මේ ලිපියෙන් ඔහු ගැන කථා කිරීමට අපේක්ෂා කලේ යුගයේ අවශ්‍යතාක් වන මේ නැවුම් ව්‍යවසායකත්ව සංකල්පය මඟින් රටට විදේශ විනිමය උපයා දෙන මෙවැනි මිනිසුන් අපට හැකි පමණින් ඇගයීම සහ දිරිමත් කිරීම කල යුතු යැයි අපි අවංකව විශ්වාස කරන නිසාය.

කාරනා ගණනාවක්ම සම්බන්ධයෙන් සහන් අකලංක මහතාගේ ව්‍යවසායකත්ව භූමිකාව සම්බන්ධයෙන් අපේ අවධානය යොමු විය යුතු යැයි මම සිතමි. එනම් මේ අන්තර්ජාලය ආශ්‍රිත ෆොරෙක්ස්, කොටස් වෙළඳපොළ ආදී වූ ඩොලර් ට්‍රිලියන ගණන් සංසරණය වන දැවැන්ත මූල්‍ය වෙළඳ පොළ වල් තුළින් ආයෝජනය සිදුකර ඒවාගෙන් ලාභ ලබා දෙමින් රටට විදේශ විනිමය උපයාදීමක් සිදු කරයි.

එමෙන්ම සුවහසක් තරුණ තරුණියන්ට මේ ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ලබා දෙන අධ්‍යාපනය තුළින් එම ප්‍රජාව බලාත්මක වීමක් සිදුවේ. වැඩි වැඩියෙන් පිරිස මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කිරිමට පෙළඹීමෙන් රටට වැඩි වැඩියෙන් විදේශ විනිමය ගලාගෙන එයි. සැබවින්ම මේ කාර්ය මේ කාලයේ රජයක් මුල් වී සිදු කල යුතු වූ යුගයේ කාර්යභාරයකි. තම ව්‍යවසායකත්වය තුළින් මේ තරුණයා ඉටු කරන්නේ මාහැගි කාර්යභාරයක්ය යන්න අපේ අදහසයි. එමෙන්ම මේ සම්බන්ධයෙන් ඔහු පවත්වාගෙන යන සාර්ථක අධ්‍යාපනය වැඩ සටහන මගින් තව තවත් එවැනි ව්‍යවසායකයින් රටට ලැබේ. එයත් අනිවාර්යෙන්ම ඇගයීමට ලක්විය යුතුමය.

සියලු කරුණු අනුව අපට කිව හැක්කේ සහන් අකලංක පෙන්වමින් සිටින්නේ අන්තර්ජාලය ආශ්‍රිත නව්‍ය ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ අනාගතයේ සාර්ථක වීමට නියමිත තරුණ ව්‍යවසායකයත්ව පරම්පරාවේ ආරම්භය බවයි. මෙවැනි වටිනා තරුණ ව්‍යවසායකයින් තව තවත් බිහිවේවායි යන ප්‍රාර්ථනය සමඟ ඉතා බලාපොරොත්තු සහගතව සහන් අකලංක ගේ ගමන දෙස අපි බලා සිටින බව අවසාන වශයෙන් සටහන් කර තැබීමට කැමැත්තෙමි.

සුදේශ් ජයවර්ධන

Please follow and like us:
Pin Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *